ඊයේ (5)රාත්‍රී 7.45ට පමණ තම නිවස ඉදිරිපිටදීම රිය අනතුරකින් මියගිය පුද්ගලයෙක් නිසා උරන වූ පුද්ගලයින් එකතුවී අනතුර සිදුවූ යතුරුපැදිය ගිනිතබා විනාෂ කල ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.

death

ගල්පාත- චන්දන පෙරේරා
2024 -4-6

ඊයේ (5)රාත්‍රී 7.45ට පමණ තම නිවස ඉදිරිපිටදීම රිය අනතුරකින් මියගිය පුද්ගලයෙක් නිසා උරන වූ පුද්ගලයින් එකතුවී අනතුර සිදුවූ යතුරුපැදිය ගිනිතබා විනාෂ කල ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත් වී ඇත්තේ හල්වතුර වත්තපහල කොටසේ පදිංචි
මාරි මුත්තු නැමති ( 65) හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.මියගිය පුද්ගලයා බීමත්ව සිට ඇති අතර
නිවස ඉදිරිපිට වෙළඳසැලට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

යතුරුපැදිකරු ඉංගිරිය දෙස සිට බුලත්සිංහල දෙසට ගමන් කරමින් සිටියදී බෝගහා හංදිය අසලදී මෙම අනතුර සිදුවී ඇති අතර එම ස්ථානයේදීම අනතුරට මුහුන පැ පුද්ගලයා මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

එම ස්ථානයේ සිටි පුද්ගලයින් විසින් බුලත්සිංහල පොලිසියට මේ පිළිබඳව දැන්වීමෙන් පසු පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇත. එම ස්ථානයේ පරීක්ෂණ පැවැත්වීමට රැඳී සිටි පොලිස් නිලධාරීන්ට මිය ගිය පුද්ගලයින්ගේ සිරුර රෝහල වෙත රැගෙන යාමට නොදී සිට ඇති අතර අනතුර සිදු කල යතුරුපැදියටද හානි කරමින් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙමින් පසුව යතුරුපැදියට ගිනි තබා ඇත. එම අවස්ථාවේ 200 පමන පිරිසක් එම ස්ථානයේ සිට ඇති බව පොලීසිය පවසයි.

පසුව තත්වය පාලනය කිරීම සදහා ඉංගිරිය පොලිසියේ නිලධාරීන් සහ බුලත්සිංහල පොලිසිය නිලධාරීන් එම ස්ථානයට තත්වය පාලනය කලේය.සිරුර බුලත්සිංහල රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ගිනි තබා විනාශවී ගිය යතුරුපැදිය බුලත්සිංහල පොලිසිය වෙත රැගෙනයන ලදි.

යතුරුපැදීය ගිනි තැබූ සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර දේහය බුලත්සිංහල රෝහලේ සිට මරණ පරීක්ෂණය සඳහා හොරණ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර අද (6)මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ බුලත්සිංහල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විධානගේ මහතා පො.සැ.31320 අජන්ත, පො.කෝ.204136 ලියනගේ ඇතුළු නිලධාරින් පරීක්ෂණ මෙහෙයවයි.