සංචාරක කර්මාන්තය සඳහා වාහන 1,000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය

vehichle

විශේෂ බදු සහන ලබා දීමකින් තොරව සංචාරකයින් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරන වෑන් රථ 750ක් සහ බස් රථ 250ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව, සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරන ආසන 06-15 සහිත වෑන් රථ (විදුලි සහ දෙමුහුන් රථ ඇතුළුව) 750ක් සහ ආසන 16-30 සහිත කුඩා ප්‍රමාණයේ බස් රථ හා ආසන 30- 45ක් සහිත බස් රථ 250ක් ආනයනය කිරීමට අනුමැතිය ලබාදී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරනු ලබන වාහනවල කාලය වසර 6ක් නොඉක්මවීම සංචාරක කර්මාන්තය තුළ පිළිගත් සිරිතක් ලෙස සලකන බවත්, වාහන සහ අත්‍යවශ්‍ය අමතර කොටස් ආනයනය කිරීම සීමා කිරීම හේතුවෙන් සංචාරක කේෂ්ත්‍රයේ ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කරනු ලබන වාහනවල තත්ත්වය සතුටුදායක නොවන බවත් එහි වැඩිදුරටත් දැක්වෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

660bdb014a49c