ඉන්දියානු ණය ආධාර යට​තේ මහව – අනුරාධපුර නව දුම්රිය මාර්ගයට සංඥා පද්ධතියක්

train-cross

මහව සිට අනුරාධපුරය දක්වා ඉදිකෙරෙන නව දුම්රිය මාර්ගය සඳහා නව සංඥා පද්ධතියක් ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර පවසනවා.

පරිගණකගත ක්‍රමයට ක්‍රියාත්මක වන එම සංඥා පද්ධතිය සඳහා වන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 15 ක් බවයි සඳහන් වන්නේ.

පසුගියදා ඉන්දීය නියෝජිතයින් සමග තමා ඉන්දියාවේදී ඒ පිළිබද සාකච්ඡා කළ බවත්, ඒ අනුව ඉන්දියානු ණය ආධාර අනුව අදාළ සංඥා පද්ධතිය මෙරටට ලැබෙනු ඇති බවයි  දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පවසන්නේ.