හිටපු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න යළි දිවයිනට

uddika-parliament-34

ජනප්‍රිය රංගන ශිල්පි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අද (28) උදැසන Emiretes ගුවන් සමගමට අයත්

ගුවන් යානයකින් දිවයිනට පැමිණ ඇත.

ඔහු මීට සති කිහිපයකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස්වී කැනඩාව බලා පිටවගොස් තිබීම බරපතල ලෙස ආන්දෝලනයට ලක්වූ කාරණයකි.

ඔහු කැනඩාවේ දේශපාලන සරණාගතභාවය සඳහා ඉල්ලීම් කර ඇතැයි ඒ දිනවල පළවූ ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වුවද ඔහු විසින් එය තරයේ ප්‍රතික්ෂේප කර තිබිණ.

යළි දිවයිනට පැමිණි රංගන ශිල්පි උද්දික ප්‍රේමරත්න, අද දිනයේ පැවැත්වෙන සරසවි සම්මාන උලෙලට සහභාගී විමට නියමිත බව වාර්තාවේ.