සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වර්ජනය පැය 24 කින් කල්දමයි. රෝහල් 10 ක හෙට උදෑසන 6.30 සිට සේවාවෙන් ඉවත්වීමේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කරයි

black-protest

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වර්ජනය පැය 24 කින් කල්දමයි. රෝහල් 10 ක හෙට උදෑසන 6.30 සිට සේවාවෙන් ඉවත්වීමේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කරයි

අද දවසේ පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපති කාර්යාලයේ සාකච්ඡාව හදිසි කාරණාවක් නිසා හෙට සවස දක්වා කල් තැබූ බව සෞඛ්‍ය ලේකම්වරයා විසින් දැනුවත් කොට ඇත.

මේ හේතුව නිසා හෙට දිනට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය පැය 24කින් කල් තැබීමට සෞඛ්‍ය වෘත්තීය සබඳි සන්ධානය තීරණය කරන ලදී. එසේම හෙට උදෑසන 6.30 සිට රෝහල් 10 ක පැය හතරක සේවාවෙන් ඉවත් වීමේ වාදන ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
1. ශ්‍රී ලංකා ජාතික රෝහල
2. කරාපිටිය ශික්ෂණ රෝහල
3. යාපනය ශික්ෂණ රෝහල
4. මඩකලපුව ශික්ෂණ රෝහල
5. පේරාදෙණිය ශික්ෂණ රෝහල
6. කෑගල්ල මහ රෝහල
7. පොළොන්නරුව මහ රෝහල
8. ත්‍රිකුණාමලය මහ රෝහල
9. වව්නියාව මහ රෝහල
10. මන්නාරම මූලික රෝහල

ඉදිරි පැය කීපය අතුලත මෙම ගැටලුව විසදුමක් නොලැබේ නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරනවා හැර වෙනත් විකල්පයක් නොමැති බව සන්ධානය දන්වා සිටී.

01/04/2024
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය