පිටි බෙදාහරින ආයතනයක බැංකු ගත කිරීමට ගණන් කරමින් තිබූ ලක්ෂ 39.1/2 මුදලක් කොල්ලකා පලායයි.

22b7626a-2fd54cca-38f8ad29-arrest_850x460_acf_cropped_850x460_acf_cropped

පිටි බෙදාහරින ආයතනයක බැංකු ගත කිරීමට ගණන් කරමින් තිබූ ලක්ෂ 39.1/2 මුදලක් කොල්ලකා පලායයි.

ගල්පාත චන්දන පෙරේරා

හොරණ සව්ගස් හන්දියේ දී ආයුධ සමග පුද්ගලයන් දෙදෙනෙකු අද (01)සවස පිටි බෙදා හරින ආයතනයක කඩා වැදී රුපියල් ලක්ෂ 39 1/2 ක මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි හොරණ පොලිසිය පවසයි.
අදාළ පිටි බෙදා හරින ආයතනය විසින් සිකුරාදා දින සිට පිටි බෙදා හැර ලබාගත් මුදල් සේප්පුවේ තබා බැංකු ගත කිරීමට සූදානම් වන අවස්ථාවේ කොල්ලකරුවන් දෙදෙනා පැමිණ කාර්යාලයේ දොර විවෘත කරන ලෙස දන්වා සිටියත් ඔවුන් දොර විවෘත නොකිරීම හේතුවෙන් රැගෙන ආ මන්නා පිහියෙන් වීදුරුව බිද පසුව මන්නා පිහිය පෙන්වා මුදල් අයකැමිගේ අත් දෙක පිටුපසට ගැටගසා ලක්ෂ 39.1/2 මුදලද සේවකයින් දෙදෙනා අත තිබූ රුපියල් ලක්ෂයක් පමන වටිකා ජංගම දුරකථන දෙකද කොල්ලකා පලා ගොස් ඇත.

කොල්ලයෙන් පසු කොල්ලකරුවන්
මොරගහහේන දෙසට පලා ගොස් ඇති අතර
සීසීටීවී දර්ශන ඔස්සේ කොල්ලකරුවට ඇත්තඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත.

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පි එස් පනාවල මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන්ද සිල්වා පොලිස් සැරයන් 45477 ලලිත් කොස්තාපල් 69128 ප්‍රභාත් මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි