සෘතු බද්දක් පනවයි

vat

දේශීය ගොවීන්ගේ සහ නිෂ්පාදකයන්ගේ ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ජනවාරි මාසයේ සිට අවලංගු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ, දේශිය ගොවීන් සහ නිෂ්පාදකයන් ආරක්ෂාවට තීරු බද්ද හා බැදුණු නව සෘතු බද්දක් ක්‍රියාත්මක කරන බවයි.

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනවන කාලයේ රට තුළ පවතින භාණ්ඩ සඳහා වැඩි අගයක් ආරෝපණය සහ බද්ද අඩුකළ අවස්ථාවලදී භාණ්ඩ මිල අඩු නොවී එම සහනය ජනතාවට නොගොස් ව්‍යාපාරිකයාට යාම මෙම බදු ක්‍රමය අහෝසි කිරීමට හේතුවී තිබෙනවා.

එහෙත්, ගොවි නිෂ්පාදන වෙළෙඳපොලට පැමිණෙන වකවානුව නිශ්චිතව හදුනාගෙන, ගොවියාගේ ආරක්ෂාවට දියුණු රටවල මෙන් තීරුබදු හා බැඳුනු නව බදු ක්‍රමවේදයක් හඳුන්වාදීමට නියමිතයි.