පාස්කු ප්‍රහාරය ගැන ප්‍රකාශය කළේ සති තුනකට පෙර මට ලැබුණු තොරතුරක් අනුව – මෛත්‍රී

maithripala-sirisena-33

පාස්කු ප්‍රහාරය ගැන සති තුනකට පෙර තමාට ලැබුණූ තොරතුරක් අනුව තමා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශයක් සිදුකළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

අධිකරණකින් තමාට නියෝගයක් ලැබුණහොත් රහසිගත ප්‍රකාශයක් ලබාදීමට සූදානමින් සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

රහසිගතව ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කරන්නේ, තමාගේ ජීවිතය හා තමාගේ දරු පවුල් පවා විනාශ කිරීමට ඇති හැකියාව නිසා බවද ඔහු සඳහන් කළා.

එය කිසිඳු දේශපාලන මතවාදී හෝ දේශපාලන වශයෙන් ඇති ප්‍රශ්න වලට අදාළ කාරණාවක් නොවන බවත්, මෙය තමා ඉතා අවංකව සිදුකරන ප්‍රකාශයක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.