මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් පාසල් දරු දැරියන් දැනුවත් කිරීම මෙන්ම රථ වාහන සංදර්ශනය සහ දේශනයක් මොරටුව බෞද්ධ මන්දිරයේදී (22 වැනිදා) පැවැත්විණි .

WhatsApp Image 2024-03-22 at 14.58.32

දර්ශාන් ප්‍රනාන්දු – මොරටුව 0773710807
22/03/2024

මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් පාසල් දරු දැරියන් දැනුවත් කිරීම මෙන්ම රථ වාහන සංදර්ශනය සහ දේශනයක් මොරටුව බෞද්ධ මන්දිරයේදී (22 වැනිදා) පැවැත්විණි .රථ වාහන මුලස්ථාන පොලිසිය ,
ගල්කිස්ස කොට්ඨාශ රථ වාහන අංශය සහ
මොරටුව පොලීසිය රථ වාහන පොලීසිය මගින් මෙය සංවිධානය කරනු ලැබිය .
මෙම අවස්ථාව සඳහා මොරටුව ප්‍රදේශයේ පාසල් 6 ක රිය නියාමකයන් සහ දරු දැරියන් ගුරුවරුන් ගුරුවරියන් සහභාගිවුහ .
මෙම අවස්ථාව සඳහා සහභාගිවු දරු දැරියන් සදහා මාර්ග අනතුරු පිළිබඳව ප්‍රශ්න විචාර කාලයක් පැවැත්විණි .එම අවස්ථාවේ අසන ලද ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් ත්‍යාග ලබාගත් අතර මෙම වැඩසටහන සඳහා සහභාගි සැමට සහතිකපතක් ලාබාදිම සහ රිය නියාමකයන් සඳහා කබායන් ලබාදීමට කටයුතු යොදා තිබුණි .
මෙම අවස්ථාව සඳහා මොරටුව සහකාර පොලිස් අධිකාරි තරිඳු අනුරංග ,මොරටුව මුලස්ථාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් , මොරටුව රථ වාහන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අජිත් කුමාර ,ගල්කිස්ස කොට්ඨාශ රථ වාහන ස්ථානාධිපති සමරජීව යන පොලිස් නිලධාරීන් සහ දරුවන් රැසක් සහභාගිවුහ .