මහ බැංකු වැටුප් වැඩි කිරීම තාවකාලිකව කල් දමන්නැයි රජයේ මුදල් කාරක සභාවෙන් නිර්දේශයක්

harsha-de-silva-public-finance

පිළිගත් විසඳුමක් ලැබෙන තුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කර ගැනීම කල් දැමිය යුතු බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නිර්දේශ කර තිබෙනවා.

මේ පිළිබඳ ස්වාධීන කමිටුවක් පත් කර එහි වාර්තාව සති 4ක් තුළ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට භාර දෙන ලෙසද මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරමින් හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා සඳහන් කළා.

එසේම සාකච්ඡාවට තුඩුදී ඇති වැටුප් වැඩිකිරීම සලකා බැලීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාගේ එකඟත්වය ඇතිව ස්වාධීන කමිටුවක් කඩිනමින් පත් කිරීම අදාළ ස්වාධීන කමිටුවේ සාමාජිකයින් ලෙස ශ්‍රි ලංකා මහ බැංකුවේ මෙන්ම මහ බැංකුවට පරිබාහිරව සහ රාජ්‍ය අංශය තුළ ඉන් පිටත අය නම් කළ හැකි විය යුතු බවද නිර්දේශ කර තිබෙනවා.

පිළිගත් විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩිවීම කල් දැමිය යුතු බවයි අදාළ වාර්තාව මඟින් වැඩිදුරටත් නිර්දේශ කර තිබෙන්නේ.