පොලිස් අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට වෙඩි තබා රියදුරු අත්අඩංගුවට

sri-lanka-police-logo

මුලතිව්, ධර්මපුරම් ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට ඔඩ්ඩුසුඩාන් පොලිසිය විසින් වෙඩි තබා තිබෙන බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.

ටිපර් රථයට වෙඩි තැබීමෙන් පසුව එහි රියදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කිලිනොචිචිය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක් බවයි පොලිසීය පවසන්නේ.

මෙම සිද්ධිය ඊයේ පස්වරුවේ සිදුවී ඇති බවත්, ටිපර් රථ රියැදුරා පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙක් බවත්, ඔහු අවස්ථා කිහිපයකදීම අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළද ඉන් මිදී පලා ගිය අයෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ.