කැකිරාවේ තොග වෙළදසැලකින් සොයාගත් මිනිසු පරිභෝජනයට නුසුදුසු ලක්ෂ 15කට අධික ආහාර ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ.

WhatsApp Image 2024-03-14 at 21.48.34 (6)

24-03-14
කැකිරාව කුෂාන් ජයවර්ධන
FTP
කැකිරාවේ තොග වෙළදසැලකින් සොයාගත් මිනිසු පරිභෝජනයට නුසුදුසු ලක්ෂ 15කට අධික ආහාර ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ.
කැකිරාව ප්‍රධාන වීදියේ පිහිටි ප්‍රෙද්ශයේ ජනප්‍රිය තොග වෙළද ව්‍යාපාරික ස්ථානයක් මුද්‍රා තබා එහි අලෙවියට තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පැවැති රට ඉදි කරවල ඇතුලු රුපියල් ලක්ෂක 15කට අධික විටිනාකමකින් යුත් ආහාර ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කරනු ලැබීය.
මෙලෙස සෞඛ්‍ය බලධාරින් විසින් මුද්‍රා තැබීමට කටයකු කරනු ලැබූයේ කැකිරාව හා ඒ අවට ප්‍රෙදේශ රැසක ඇති සිල්ලර වෙළදසැල් සදහා ආහාර ද්‍රව්‍ය ඇතුළු තොග භාණ්ඩ බෙදා හැරීම සිදු කරන තොග වෙළද ආයතනයකි.
උත්සව සමයේ පාරිභෝගික සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් පාරිභෝගික භාණ්ඩවල ගුණාත්මක බව ආරක්ෂා කිරීම මෙන්ම උත්සව සමයේ සිදු කෙරෙන කූඨ ආහාර වෙළදාම් අවම කිරීමේ අරමුණු ඇතිව, කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් කැකිරාව නගරයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අදාළ ව්‍යාපාරික ස්ථානය මෙලෙස පරීක්ෂාවට ලක් කර තිබිණ.
කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසිත කෝසල තනිප්පුලිආරච්චි මහතා ඇතුළු කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂඛවරුන් විසින් අදාළ වැටලීම සිදුකර තිබිණ.
සිදුකළ වැටලීමේදී එම වෙළද සැල තුල තීබී මිනිස් පරිභෝජනයට නුසුදුසු රට ඉදි කරවල සීනී හාල්මැස්සන් රටකජු මුද්‍රප්පලම් ඇතුලු තවත් ආහාර ද්‍රව්‍ය රැසක් සොයා ගැනීමට වැටලීම සිදුකළ සෞඛ්‍ය ඉලධාරීන්ට හැකිවිණ. අදාළ වෙළද සැල තුල නිසි ක්‍රම වේදයකට භාණ්ඩ අසුරා නොමැති බවද කරවල වැනි දෑ නැවත පිරිසිදු කර අලෙවි කරන බවද නිලධාරීන් විසින් අනාවරණය කර ගන්නා ලදි. එසේම කල් පැන ගිය රට ඉදි තොග ඇසුරුමේ ලේබලය මකා නැවත ලේබල් අලවා අලෙවි කිරීමේ ජාවාරමක් ද සිදුව ඇති බවද නිලධාරීන් මෙහිදී අනාවරණය කර ගන්නා ලදි. එසේම අදාළ වෙළදසැල තුළ අලෙවියට ඇති ආහාර ද්‍රව්‍ය නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුව අසුරා නොමැති අයුරු මෙන්ම එම වෙළදසැල තුළ මෙන්ම එහි ඇති ගබඩාවල ඇති අපිරිසිදු භාවයට මෙහිදී නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්විය.
සෞඛ්‍ය නීති රීති මෙන්ම රෙගුලාසි ද උල්ලංඝනය කරමින් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් පාරිභෝගීක භාණ්ඩ අලෙවියේ නිරත වූ මෙම වෙළද සැල මුදා තැබීමට ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළ අතර පසුව එහි තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර තොග පිටතට රැගෙන ගොස් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ විනාශ කිරීමට පියවර ගනු ලැබිණ. ඒ අනුව මිනිස් පරිභෝජනයට නිසුදුසු රටඉදි, කරවල, හාල්මැස්සන් සීනි රටකජු. වැනි මිනිස් පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පැවැති ආහාර ද්‍රව්‍ය තොගයක් මෙහිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ විනාශ කෙරිණ. මෙලෙස විනාශ කෙරුණ ආහාර ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 15 කට අධික බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

මිනිස් පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ උත්සව සමයේ අලෙවි කිරීමට කටයුතු කළ මෙම වෙළද සැල් හිමිකරු අත්අඩංගුවට ගෙන කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමට ද කැකිරාව සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබිණ. එහිදී රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැර ඇති අතර සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව වෙළද සැලේ ගබඩා සකස් කිරීමට ද අචාළ ව්‍යාපාරිකයාට අධීකරණයෙන් නියෝග කර තිබූ අතර හෙට (15) දිනයේ යළි එම නඩුව විභාගයට ගැනීමට නියමිත බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

WhatsApp Image 2024-03-14 at 21.48.34 (6) WhatsApp Image 2024-03-14 at 21.48.34 (5) WhatsApp Image 2024-03-14 at 21.48.35 WhatsApp Image 2024-03-14 at 21.48.36 WhatsApp Image 2024-03-14 at 21.48.34 (4) WhatsApp Image 2024-03-14 at 21.48.34 (3) WhatsApp Image 2024-03-14 at 21.48.34 (2) WhatsApp Image 2024-03-14 at 21.48.34 (1) WhatsApp Image 2024-03-14 at 21.48.34 WhatsApp Image 2024-03-14 at 21.48.33 (8) WhatsApp Image 2024-03-14 at 21.48.33 (7) WhatsApp Image 2024-03-14 at 21.48.33 (5) WhatsApp Image 2024-03-14 at 21.48.33 (6) WhatsApp Image 2024-03-14 at 21.48.33 (3) WhatsApp Image 2024-03-14 at 21.48.33 (4) WhatsApp Image 2024-03-14 at 21.48.33 (2) WhatsApp Image 2024-03-14 at 21.48.33 (1) WhatsApp Image 2024-03-14 at 21.48.33 WhatsApp Image 2024-03-14 at 21.48.32 (8) WhatsApp Image 2024-03-14 at 21.48.32 (7) WhatsApp Image 2024-03-14 at 21.48.32 (6) WhatsApp Image 2024-03-14 at 21.48.32 (5) WhatsApp Image 2024-03-14 at 21.48.32 (4) WhatsApp Image 2024-03-14 at 21.48.32 (3) WhatsApp Image 2024-03-14 at 21.48.32 (2) WhatsApp Image 2024-03-14 at 21.48.32 (1) WhatsApp Image 2024-03-14 at 21.48.32 WhatsApp Image 2024-03-14 at 21.48.31 (1) WhatsApp Image 2024-03-14 at 21.48.31 (2) WhatsApp Image 2024-03-14 at 21.48.31 (3) WhatsApp Image 2024-03-14 at 21.48.31