පානදුර සළිඳු යලි බූස්ස බන්ධනාගාරයට

Screenshot (1607)

පානදුර සළිඳු යලි බූස්ස බන්ධනාගාරයට

ගල්පාත චන්දන පෙරේරා
රැදවුම් නියෝග අවසන් වීමෙන් පසු පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා ගේ නියෝගයකයට අනුව මාර්තු 25 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලද
සෙල්ලපෙරුමගේ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් පානදුර සලිඳු නැමැත්තා කළුතර බන්ධනාගාරයට රැගෙන ඒමෙන් පසු බූස්ස බන්ධනාගාරයට මාරුකර යැවූ බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.

සළිදු මල්ෂික නැමැත්තා දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයේ සිට කළුතර මල්වත්ත බන්ධනාගාරයට රැගෙන ගිය අතර , ඔහු බසයෙන් බස්සවා කළුතර බන්ධනාගාරයේ දොරටුව අභියසදී ලියාපදිංචි කිරිමෙන් පසු එම බන්ධනාගාර බස් රථයෙන්ම බූස්ස බලා කැටුව ගොස් තිබේ.

සැකකරු කළුතර සිට බූස්ස බලා රැගෙන යාමේදී බන්ධනාගාර නිලධාරීන්, විශේෂ කාර්ය බලකා නිලධාරීන්ද ආරක්ෂාවට යොදවා ඇත.

සිය සේවා දායකයා වන සලිඳු මල්ෂික නැමැත්තාට මරණීය තර්ජන පවතින බැවින් , බූස්ස බන්ධනාගාරය හැර වෙනත් සුදුසු බබන්ධනාගාරයක රඳවන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ සැකකරු ආරක්ෂාව සහිත සුදුසු බන්ධනාගාරයක රඳවන ලෙසය.