වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ බස් රථයේ රියදුරු සිහිසුන් වීමෙන් මැදවච්චියේදී සිදුවූ අනතුරකින් මගීන් 13ක් රෝහලේ.

WhatsApp Image 2024-03-07 at 14.58.40

24- 03-07
කැකිරාව කුෂාන් ජයවර්ධන

වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ බස් රථයේ රියදුරු සිහිසුන් වීමෙන් මැදවච්චියේදී සිදුවූ අනතුරකින් මගීන් 13ක් රෝහලේ.
————————–

ඇගලුම් සේවකයින් පිරිසක් රැගෙන වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක රියදුරු සිහිසුන්වීම හේතුවෙන් අද (07) උදෑසන මැදවච්චිය ප්‍රෙද්ශයේදී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ 13 දෙනෙකු ප්‍රථීකාර සදහා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
වව්නියාව ප්‍රදේශයේ පිහිටි අඟලුම් හලක් වෙත සේවකයින් රැගෙන යමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට පත්ව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ ඇගලුම් සේවකයින් 40ක් පමණ එම බස් රථයේ සිට ඇතැයි පොලිසිය කියයි.
අදාළ බස් රථය ධාවනය කරමින් සිටියදී එහි රියදුරාට රියදුරු අසුනේ දීම සිදුවූ සිහිසුන්වීමකින් එම බස් රථය රියදුරුගේ පාලනයේ මිදී මැදවච්චිය ප්‍රෙද්ශයේදී මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය කියයි. ධාවනය වෙමින් තිබූ බස් රථය රියදුරාගේ පාලනයෙන් ගිලිහී ගොස් මාර්ගයෙන් ඉවතට පැන අසළ වූ නිවසක් සමග ඇති ගරාජයකට කඩා වැදීමෙන් අනතුර සිදුව තිබිණ. සිදුව ඇති එම අනතුරින් එම නිවසේ හෝ ගරාජයේ කිසිවකුටත් ජීවිත හානියක් සිදුව නොමැති බව පොලිසිය කියයි.
එහෙත් එම බස්රථයේ ගමන් කරමින් සිටි ඇගලුම් සේවකයින් 13 දෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා ඇති අතර එම තුවාලකරුවන් ප්‍රතිකාර සදහා කඩිනමින් මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබේ. මැදවච්චිය රෝහලට ඇතුළත් කෙරුණ එම තුවාලකරුවන් අතරින් 07 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා මේ වනවිට අනුරාධපුර මහ රෝහල වෙත මාරුකර යැවීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.
මැදවච්චිය පොලිස් රථවාහන අංශය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදුකරමින් සිටී.

WhatsApp Image 2024-03-07 at 14.58.40 WhatsApp Image 2024-03-07 at 14.58.33