විදේශිකයින්ට පහරදුන් දුම්රිය සේවකයින්ගේ වැඩ තහනම්

trainjaffna

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක සිටි සංචාරකයින් දෙදෙනෙකුට දුම්රිය සේවකයින් පිරිසක් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සේවකයින් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඒ අනුව දෙවැනි ශ්‍රේණියේ දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුගේ සහ දුම්රිය නියාමකවරයෙකුගේ වැඩ තහනම් කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම සංචාරකයින් දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍ර රැගෙන පළමු පන්තියේ ගමන් කර ඇති බවත් පසුව ඔවුන්ට දුම්රියෙන් බසින ලෙස දැනුම් දුන්නත් එය ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන් දුම්රියෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවයි දුම්රිය ස්ථානාධිතිපතිවරුන්ගේ සංගමය සඳහන් කළේ.