මොන මැතිවරණයක් ආවත් අපි සූදානම් – මහින්ද

mahinda-rajapaksha

ඉදිරියේදී කුමන මැතිවරණයක් පැමිණියද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ සඳහා සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

මෙහිදී මහ මැතිවරණය මුලින් පැමිණෙන බවට උදයංග වීරතුංග කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් තමන් නොදන්නා බවයි.

එසේම කථානායකවරයාට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට ද කටයුතු කරන බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.