අම්බලන්ගොඩ දළුක්කන්ද ප්‍රදේශයේ කේඑච්ඩබ්ලිව් සුනාමි ගම්මානයේ අද උදෑසන පහට පමණ නිවසක වහලයක් කඩා වැටීම නිසා කාන්තාවක් තුවාල ලබා අම්බලන්ගොඩ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර ඇත.

WhatsApp Image 2024-02-24 at 14.51.02 (1)

අම්බලන්ගොඩ දළුක්කන්ද ප්‍රදේශයේ කේඑච්ඩබ්ලිව් සුනාමි ගම්මානයේ අද උදෑසන පහට පමණ නිවසක වහලයක් කඩා වැටීම නිසා කාන්තාවක් තුවාල ලබා අම්බලන්ගොඩ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර ඇත.මෙම වහලයේ කොටසක් මෙසේ සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇත.මෙම සුනාමි ගම්මානය මීට වසර විස්සකට පමණ පෙර සුනාමියෙන් විපතට පත් අම්බලන්ගොඩ පට බැඳිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ධීවර ප්‍රජාව වෙනුවෙන් ඉදිකළ ගම්මානයකි.මේ වන විට මෙම ගම්මානයේ නිවාස 76 ක් තිබෙන අතර බොහොමයක් නිවාස අබලන් තත්ත්වයේ පවතී.මෙහි ඇති නිවාස දෙමහල් නිවාස ලෙස ඉදිකර ඇති අතර මෙම නිවාස වල වහලවල් සියල්ලම පාහේ අබලන්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසයි වැසි දිනවල මෙම වහලවල් වලින් වැසි ජලය ගලා එම නිසා තමන් මහත් අපහසුතාවයට පත්ව ඇති බව පවසන මෙම නිවැසියන් තමන් ජීවත්වන්නේ කොයි මොහොතේ හෝ වහලවල් කඩා වැටේ දැයි බියෙන් බව පවසයි කොන්ත්‍රාත්කරුවන් විසින් බාල ලී වලින් මෙම වහලවල් සකස් කර ඇති නිසා තමන් ඉතාම අනාරක්ෂක තත්ත්වයේ සිටින බව ඔවුන් පවසති.තමන්ට නිසි ලෙස මේවා නඩත්තු කර ගැනීමට තරම් ආර්ථික ශක්තියක් නොමැති බැවින් මේ පිළිබඳ වගකිවයුත්තන්ගේ අවධානය මේ ගැන යොමුකර තමන්ට සහනයක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටි

WhatsApp Image 2024-02-24 at 14.51.02 (2) WhatsApp Image 2024-02-24 at 14.51.02 (1) WhatsApp Image 2024-02-24 at 14.51.02

ගාල්ල අම්බලන්ගොඩ අනුරාධ