නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි

vesak-poya-day

නවම් පුර පසළොස්වක පෝය දිනය අදට (23) යෙදී තිබෙනවා.

රජග‍හනුවර වේලුවනාරාමයේදී බුද්ධ ශාසනයෙහි ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුරු පිරිනැමීම අද වැනි නවම් පුර පසලොස්වක පොහෝ දිනක සිදුවූ බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ.

එමෙන්ම ඕවාද ප්‍රාති මෝක්ෂය දේශනා කිරීම ද අද වැනි පොහෝ දිනක සිදුවු අතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට පෙර ආයු සංස්කාරය අත්හැරීම සිදුවූයේත් අද වැනි නවම් පුන් පොහෝ දිනකයි.

නවම් පුන් පොහොය වෙනුවෙන් දිවයින පුරා සෑම වෙහෙර විහාරස්ථානයකදීම ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.