යතුරු පැදියෙන් ගොස් විවිධ ප්‍රදේශ වලට හොරෝයින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකරනු ලබන විවාහක යුවලක් කහවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගනී…….

WhatsApp Image 2024-02-16 at 13.39.24 (1)

යුක්ති මෙහෙයුම් වලට සමගාමීව සිදුකරන ලද මෙහෙයුම් වලදී කහවත්ත පොලිස් ස්ථානයේ නිළධාරින් කණ්ඩායමක් විසින් නො.333, හාගල, හුංගම, ඇඹිලිපිටිය ලිපිනයේ පදිංචි හඹරාදුව වල්ගමගේ රසික සම්පත් (අවු. 30) නැමැති සැකකරු හෙරෝයින් මත්ද්‍රව්‍ය 05g 425mg ක් සමගින් 2024.02.15 වන දින 1130 අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුට විදේශ රටක සිට ජාවාරම්කරු විසින් වට්ස්ඇප් WhatsApp මගින් දැනුම්දෙන ස්ථානයකදී හෙරොයින් මත්ද්‍රව්‍ය ලබාදෙන අතර, සැකකරු විසින් මොහුට අයත් අංක SG BAV – 9795 දරණ යතුරු පැදියෙන් ගොස් එම මත්ද්‍රව්‍ය පැකට් පැල්මඩුල්ල සහ බලංගොඩ ප්‍රදේශයේ ජාවාරම්කරු විසින් දැනුම්දෙන ස්ථානයක ඉතා ක්ෂූක්ෂම ලෙස තබා එම ස්ථානයේ ඡායාරූපයක් ගෙන විදේශගත ජාවාරම්කරුට යොමු කරනු ලබන බවත් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

සැකකරුගේ බිරිද චතුරිකා සදමාලි (අවු.25) නමින් මීරිගම ලංකා බැංකු ශාඛාවේ ගිණුමකට දෛනිකව මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් රු. 15,000/- බැර කරනු ලබන බවටත් විමර්ශන නිළධාරීන් අනාවරණය කර ඇති අතර, සැකකරුවන්ට අයත් බැංකු ගිණුම් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

WhatsApp Image 2024-02-16 at 13.39.25 (1) WhatsApp Image 2024-02-16 at 13.39.25 WhatsApp Image 2024-02-16 at 13.39.24 (7) WhatsApp Image 2024-02-16 at 13.39.24 (6) WhatsApp Image 2024-02-16 at 13.39.24 (5) WhatsApp Image 2024-02-16 at 13.39.24 (4) WhatsApp Image 2024-02-16 at 13.39.24 (2) WhatsApp Image 2024-02-16 at 13.39.24 (3) WhatsApp Image 2024-02-16 at 13.39.24 (1) WhatsApp Image 2024-02-16 at 13.39.24 WhatsApp Image 2024-02-16 at 13.39.23 (1) WhatsApp Image 2024-02-16 at 13.39.23 (2) WhatsApp Image 2024-02-16 at 13.39.23