2024 වර්ෂයට අදාළ පාසල් පෙළපොත් හා නිල ඇඳුම් රෙදි බෙදා දීමේ ජාතික වැඩසටහන හා සමගාමී මධ්‍යම පළාත් ප්‍රධාන උත්සවය පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වෙයන් (15) මහනුවර දී.

WhatsApp Image 2024-02-15 at 16.38.10 (5)

පිරිවෙන් භික්ෂුන් වහන්සේලා සහ සීලමාතාවන් ඇතුළු පාසල් සිසු සිසුවියන් උදෙසා 2024 වර්ෂයට අදාළ පාසල් පෙළපොත් හා නිල ඇඳුම් රෙදි බෙදා දීමේ ජාතික වැඩසටහන කොළඹ ශාන්ත අන්තෝනි බාලිකා මහා විද්‍යාලයේ දී ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ සහභාගිත්වයෙන්  අද (15) පැවැති අතර මධ්‍යම පළාත් ප්‍රධාන උත්සවය පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වෙයන් මහනුවර විද්‍යාර්ථ විද්‍යලයේදි පැවැත්විණි.

ඒ අනුව පාසල් 10,126 ක හා පිරිවෙන් 822 ක ඉගෙනුම ලබන මිලියන 4.5 ඉක්මවන පාසල් ශිෂ්‍ය ප්‍රජාව හා ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ මෙන් ම සීලමාතාවන් ද රජයෙන් නොමිලේ ප්‍රදානය කරනු ලබන මෙම පෙළපොත් හා නිල ඇඳුම් රෙදි කට්ටල ප්‍රතිලාභීහු වෙති. මෙවරත් සිංහල, දමිළ හා ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන් ම පෙළපොත් මුද්‍රණය කර ඇති අතර ඒ සඳහා රජයට රුපියල් බිලියන 12කට ආසන්න මුදල් ප්‍රතිපාදන වැය කර ඇත.

මෙහිදි ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා කියා සිටියේ ගුණ නැණ බෙලෙන් යුතු දරුවෙකු සමාජයට දායාද කිරිම අධ්‍යාපනයේ පරම වගකිමක් බවත් වර්තමාන සමාජයේ කළ ගුණ සැලකිමේ ගුණය ක්‍රමක්‍රමයෙන් ඇත්විගෙන යන බවත් එසේ නොවන අධ්‍යාපනය වගේම ගුණවත් යහපත් දරුවෙකු නිර්මාණය කිරිමට සියලු දෙනාගේ වගකිම බවය.

මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති/පාර්ලිමේන්තු මන්ත්‍රි ගුණතිලක රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රි  මහාචාර්ය රංජිත් බණ්ඩාර,පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මේනක හේරත්, නියෝජ්‍ය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සි මයාදුන්න විදුහල්පති  එම්.ආර්.පී. මායාදුන්න යන මහත්ම මහත්මින් දෙමාපියන්  පාසල් සිසු දරුවන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

WhatsApp Image 2024-02-15 at 16.38.09 (1) WhatsApp Image 2024-02-15 at 16.38.09 (2) WhatsApp Image 2024-02-15 at 16.38.09 WhatsApp Image 2024-02-15 at 16.38.10 (1) WhatsApp Image 2024-02-15 at 16.38.10 (2) WhatsApp Image 2024-02-15 at 16.38.10 (3) WhatsApp Image 2024-02-15 at 16.38.10 (4) WhatsApp Image 2024-02-15 at 16.38.10 (5) WhatsApp Image 2024-02-15 at 16.38.10 (6) WhatsApp Image 2024-02-15 at 16.38.10 WhatsApp Image 2024-02-15 at 16.38.11 (1) WhatsApp Image 2024-02-15 at 16.38.11 (2) WhatsApp Image 2024-02-15 at 16.38.11 (3) WhatsApp Image 2024-02-15 at 16.38.11 (4) WhatsApp Image 2024-02-15 at 16.38.11 WhatsApp Image 2024-02-15 at 16.38.12 (1) WhatsApp Image 2024-02-15 at 16.38.12 (2) WhatsApp Image 2024-02-15 at 16.38.12 (3) WhatsApp Image 2024-02-15 at 16.38.12 (4) WhatsApp Image 2024-02-15 at 16.38.12 (5) WhatsApp Image 2024-02-15 at 16.38.12