මේ දිනවල පැවැත්වෙන පාසල් අවසන් වාර පරික්ෂණය සදහා දමිල මාධ්‍යයෙන් පෙනි සිටින සිසුන් පිරිසකට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් ලබාදුන් ගණිතය ප්‍රශ්න පත්‍රය ප්‍රශ්ණයක්ම වූ එකක් බව ගුරුවරු චෝදනා කරති.

School-van-v1

මේ හේතුවෙන් මෙවර පාසැල් වාර විභාගය සඳහා දමිළ මාධ්‍යයෙන් ගණිතය විෂයට පෙනී සිටි 06 සිට 11 දක්වා ශ්‍රේණි වල සිසුන් දැඩි අපහසුතාවයට කට පත් වූ බව එම ගුරුවරු පෙන්වා දෙයි.

උතුරු මැද පළාතේ පාසල්වල අවසන් වාර පරික්ෂණය මේ දිනවල පැවැත්වෙන අතර, ඊයේ දිනයේ 06- 11 ශ්‍රේණිවල සිසුන්ට ගණිතය විෂයට අදාල ප්‍රශ්ණ පත්‍රය ලබා දී තිබින.

ඒ අනුව, ගණිතය විෂයට සිංහල මාධ්‍යයෙන් පෙනි සිටි සිසුන්ට නිවරැදි ප්‍රශ්න පත්‍රයක් ලබා දී තිබුන ද , දමිල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන සිසුන්ට ලැබි ඇත්තේ අඩුපාඩු සහිත වූ, සිසුන්ට පමණක් නොව තමන්ටද නිසි පරිදි ප්‍රශ්නය තේරැම් ගත නොහැකි ප්‍රශ්න පත්‍රයක් බව ගුරුවරු පවසති.

සිංහල මාධ්‍යයෙන් නිකුත් කළ ගණිතය ප්‍රශ්න පත්‍රයම දමිල මාධ්‍යටත් පරිවර්තනය කර ඇති බවත්, එහිදි යම් අඩුපාඩුවක් සිදුවි ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බලන බව උතුරුමැද පලාත් අධ්‍යාපන දෙපාර්මේන්තුවේ උසස් නිලධාරීන් පවසයි..

24-02-13
කැකිරාව කුෂාන් ජයවර්ධන