වැඩ තහනම් කළ අය යළි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා විදුලි සේවකයන් උද්ඝෝෂණයක

protest

ලංවිම සියලු වෘත්තීය සමිති එකමුතුව විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (07) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා.

වැඩ තහනම් කළ සියලුම විදුලිබල මණ්ඩල සේවකයන් යළි සේවයේ පිහිටුවන ලෙස බලධාරීන්ට බල කරමින් අද දහවල් 12ට කොළඹ ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපිටදී මෙම විරෝධතාවය පැවැත්වුණා.

මේ සඳහා තැපැල්, දුම්රිය, රක්ෂණ, බැංකු, ටෙලිකොම් ඇතුළු වෘත්තීය සමිති රැසක සහයෝගය ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයින් පවසන්නේ.