A/L කෘෂි විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය අවලංගු කෙ​රේ

AL-exam-1

උසස් පෙළ විභාගයේ පසුගිය 10 වැනිදා පැවති කෘෂි විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය සියලුම මාධ්‍යන්ට අදාළව අවලංගු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කෘෂි විද්‍යාව 02 වන ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍යයේ සංසරණයවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊට අදාළ විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්.

65a108e2e1f0d