2024 වසරේ පළමු දින 04 තුළ සංචාරකයින් 25,000 කට අධික පිරිසක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව පැමිණි සංචාරකයින් අතරින් බහුතරයක් රුසියා, ඉන්දියා, ජර්මනිය සහ එංගලන්තයෙන් පැමිණි සංචාරකයින් බවයි එම අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේ.
මෙම වසරේදී මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 23 ක් පමණ වන බවත් එය ඉක්මවා යාමට හැකියාව ලැබෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

