2023 වසරේ අපොස උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පංති, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීමේ කටයුතු දෙසැම්බර් මස 29 වනදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතුරු තහනම් වන බවට විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එම තහනම කඩකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසන්නේ.
මෙවර උසස් පෙළ විභාගය 2024 ජනවාරි 04 සිට ජනවාරි 31 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර තිබෙනවා.