අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන එක්දින ජාත්‍යන්තර තරගාවලියේ අවසන් තරගයට බංග්ලාදේශ කණ්ඩායම හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම ඊයේ සුදුසුකම් ලබා ගත්තා.
ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම පූර්ව වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වූ අතර, ඉන්දියාව හා පාකිස්ථානය යන ප්‍රබල කණ්ඩායම් ද අවසන් පූර්ව තරගවලින් පරාජය වීම විශේෂත්වයක් වුනා.
සිකුරාදා (15) පැවැති අවසන් පුර්ව තරගවලින් බංග්ලාදේශය හා ඉන්දියාව අතර පැවතුණු අවසන් පුර්ව තරගයෙන් බංග්ලාදේශය කඩුලු 04 කින් ජය ගත් අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා පාකිස්ථානය අතර අවසන් පුර්ව තරගය ලකුණු 11කින් ජය ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමත් වුණා.
ඒ අනුව බංගලාදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් අතර අවසන් මහා තරගය හෙට (17) ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.