අධිවේගයේ කොක්මාදූව හුවමාරුවෙන් පිටවන රියැදුරන්ට දැනුම් දීමක්

rain-highway-driving

කොක්මාදුව හුවමාරුවෙන් පිටවී කනංකේ දෙසට ගමන් කළ නොහැකි මට්ටමට තවදුරටත් ගංවතුර තත්ත්වයක් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

පවතින අධික වැසි තත්ත්වයත් සමග ජලයෙන් යටවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹ සිට ගමන් ගන්නා රථවාහන පාලටුව අන්තර් හුවමාරුවෙන් ද මත්තල සිට පැමිණෙන රථවාහන ගොඩගම හුවමාරුවෙන් ද පිටවීමට කටයුතු කරන ලෙසයි සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.