මෙම අයවැය රටේ අනාගතය ශක්තිමත් කරන හරිත අයවැයක් – ජනපති

parliamnet-1200x550

2024 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* රජයේ නිවාඩු නිකේතන සංවර්ධනය කිරිම වෙනුවෙන් රුපියල් මිලියන 600ක් වෙන් කරනවා. පින්නවල – කිතුල්ගල සංචාරක කොරිඩෝවක් ඇති කරනවා.

* තාක්ෂණය හා නවෝත්පාදනය නිර්මාණාත්මක ආර්ථිකයක පදනමයි. ඒ සඳහා සහාය වීමට රජය සූදානම්.

*තාක්ෂණය හා නවෝත්පාදනය නිර්මාණාත්මක ආර්ථිකයක පදනමයි. ඒ සඳහා සහාය වීමට රජය සූදානම්.ගිග් ආර්ථික කටයුතු සැලකිල්ලට ගෙන දේශසීමා ගනුදෙනු හා වාණිජ පහසුකම් ගෙවීම පහසු කිරීමට කටයුතු කරනවා.

* ආහාර සුරක්ෂිතභාව තහවුරු කිරීමටත් එහි යෙදී සිටින සුළු හා මධ්‍යපරිමාණ කර්මාන්ත කරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 250ක් වෙන් කරනවා.

* හරිත ආර්ථිකයක් නිර්මාණය කළ යුතුයි. දේශගුණික විශ්වවිද්‍යාලය වෙනුවෙන් කොත්මලේ ජලාශයට ඉහළින් අක්කර 600ක් වෙන් කර තිබෙනවා. දේශගුණික විපර්යාස ආයතනයක් පිහිටුවනවා.

* ප්‍රශ්නවලට සුන්දර උත්තර නෑ. සමජීවිකථා සංකල්පය නොබිදෙමින් මේ කටයුත්ත සිදු කළ යුතුයි.

* අපි බ්‍රිතාන්‍යයටත් ණය  ලබා දුන්නා. අද අපි ලෝකයෙන් හිඟා කනවා. අපි අනාගතයටත් එය සිදු කළ යුතුද? අනාගත පරම්පරාවට සාඩම්බර රටක් උරුමකරමු.

* රටේ අනාගතය ශක්තිමක් කරන හරිත අයවැයක් ඉදිරිපත් කිරිමට පුළුවන් වුණා.