අයවැය කතාව අවසන්

parliamnet-1200x550

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ 2024 අයවැය කතාව මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.

ඒ අනුව පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 දක්වා කල් තැබීමට කතානායකවරයා කටයුතු කළා.

විසර්ජන පනත් කෙටුම්පත 02 වැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 14 සිට 21 දක්වා පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි දා පැවැත්වීමට නියමිතයි.

නොවැම්බර් 22 සිට දෙසැම්බර් 13 දක්වා අයවැය තුන් වැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර දෙසැම්බර් 13 වැනි දා ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනවා.