මරදානේ සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්

train-uu

පවතින අධික වර්ෂාව සමඟ මරදාන දුම්රිය ස්ථානයේ සංඥා දෝෂයක් මතුවීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව වාර්තා වනවා.

මේ අතර පවතින අධික වර්ෂාව සමඟ මරදාන හා බේස්ලයින් පාර අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් අවිස්සාවේල්ල මාර්ගයේ අද ධාවනය වන සියලුම දුම්රියන් ප්‍රමාද විය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.