නීතිවිරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කල බවට සැකකෙරෙන රත්රන් කිලෝග්රෑම් 02 කට අධික තොගයක් සමග සැකකරුවන් පිරිසක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මන්නාරම් මුහුදේදී මෙම වැටලීම සිදුකර තිබෙන අතර සැකකරුවන් 05 දෙනෙකු එහිදී නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
එහිදී ඩිංගි යාත්රාවක්, ත්රීරෝද රථයක් සහ යතුරුපැදියක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර සැකකරුවන් වයස අවුරුදු 28ත් 56ත් අතර වයසේ පසුවන වංකාලේ සහ මන්නාරම යන ප්රදේශයන්වල පදිංචිකරුවන් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.