දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය අපරාධයක් බවට තීන්දු කරයි

dinesh-shafter

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය, ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදු වී ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව මෙම සිද්ධිය අපරාධයක් බවට තීන්දු කළ මහේස්ත්‍රාත්වරිය ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

අධිකරණය විසින් පත් කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව විසින් මරණ පරීක්ෂණය සිදුකළ අතර එහි වාර්තා සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙම නියෝගය සිදුකර තිබෙනවා.