සංශෝධනය කර නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති නව ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව අධිකරණයට යෑමට සැලසුම් කර ඇති බව සමගි ජන බලවේගය පවසනවා.
මෙම පනත කුමන ආකාරයෙන් සංශෝධනය කළ ද එයට විරෝධය පළකරන බවයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ සඳහන් කළේ.
ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී පාර්ශව කිහිපයක්ම අධිකරණයට ගොස් ප්‍රති ත්‍රස්ත පනත සුදුසු නැති බවට ප්‍රකාශ කළ බවත් ලෝක සංවිධාන රාශියක්ම මෙයට විරෝධතාව ප්‍රකාශ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.