ආයතන කිහිපයක් මේ සතියේ කෝප් කමිටුව හමුවට

cope-committee

මේ සතිය තුළ ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (19) දිනයේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

හෙට (20) සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර අනිද්දා දිනයේ කොළඹ විශ්වවිද්‍යාලයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.