Channel 4 හි සාහසික චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා – ආරක්ෂක අමාත්‍යංශය

channel-4-easter

පාස්කු ප්‍රහාරය ගැන විශේෂ හෙළිදරව්වක් කළ Channel 4 වාර්තා වැඩසටහන හරහා එල්ල කරන ලද සාහසික චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

කෙසේ නමුත්, ඕනෑම පුද්ගලයකුගේ හෝ ආයතනයක අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන බව ද, ගවේෂණාත්මක මාධ්‍යවේදී කාර්යයේ වැදගත්කම තහවුරු කරන බවද ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරනවා.

Channel 4 නාලිකාව මඟින් ඉදිරිපත් කරන ලද ප්‍රකාශයන්ගෙන් පැන නඟින ඕනෑම අනපේක්ෂිත ක්‍රියාවක් හෝ ප්‍රතිවිපාකයක් සඳහා Channel 4 වගකිව යුතු බව ද ආරක්ෂක අමාත්‍යාංශය මෙම නිවේදනය මඟින් අවධාරණය කරනවා.

සම්පූර්ණ නිවේදනය පහතින්.

64fbe9b936523