ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය ජුලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී 4.4% ක සුළු අඩුවීමක් සිදුව ඇති බව මහ බැංකුව පවසනවා.
ඒ අනුව මෙරට නිල සංචිත වත්කම් 2023 ජුලි මාසයේදී ඩොලර් මිලියන 3,765 සිට 2023 අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,598ක් දක්වා 4.4%කින් අඩුවී ඇති බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.
චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම යටතේ සපයා ඇති ඩොලර් බිලියන 1.4 ක මූල්‍ය පහසුකමද ඊට ඇතුළත් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.