පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ හෙළිදරව්වක් සහිත Channel 4 වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිචාර දක්වා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව Channel 4 නවතම වැඩසටහන 2005 සිට පැවති රාජපක්ෂ පාලනයට මඩ ගැසීම අරමුණු කරගත් රාජපක්ෂ විරෝධී ප්‍රහාරයක් බවයි හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනය මඟින් පෙන්වා දෙන්නේ.
ඇතැම් පුද්ගලයින් දේශපාලනික ස්ථාවරයක සිට තමන්ට චෝදනා එල්ල කළ ද, තමන් රජයේ තනතුරු දැරූ සෑම අවස්ථාවකම රෝමානු කතෝලික ප්‍රජාවට කළ හැකි සෑම සේවයක්ම කර ඇති බවද ඔහු සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
සම්පූර්ණ නිවේදනය පහතින්.