Asia cup 2023: පාකිස්තානයට කඩුලු 7 ක ජයක්

asia-cup-2023-group-thumb

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ පළමු තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.
පාකිස්තානයේ ලාහෝර් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 38.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 193 ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 39.3 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.