රනිල් දැන් වහාම සුරේෂ් සලෙයි සහ පිල්ලෙයාන් ගැන පරීක්ෂණයක් කළ යුතුයි – විජිත

wijitha-herath-2

පාස්කු ප්‍රහාරය නිශ්චිතවම බලයට ඇති කෑදරකම වෙනුවෙන් සැලසුම්සහගතව ක්‍රියාත්මක කරන ලද්දක් බව Channel 4 හෙළිදරව්වෙන් සනාථ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

එම වැඩසටහනෙන් චෝදනා එල්ලවන සුරේෂ් සලෙයි තවමත් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ලෙස කටයුතු කරන බවද, ඔහු එම ධුරයේ තබාගෙන පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ කිරීමෙන් කිසි ඵලක් නොමැති බවද ඔහු පෙන්වා දෙනවා.

එම නිසා රටේ ආරක්ෂක ඇමති ලෙස කටයුතු කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වහාම සුරේෂ් සලෙයි එම ධුරයෙන් ඉවත් කළ යුතු බවද, එසේ කිරීමෙන් අනතුරුව ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවද අවධාරණය කරනවා.

එමෙන්ම අදාළ වැඩසටහනෙන් රාජ්‍ය අමාත්‍ය ෂිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පිළිබඳවද නිශ්චිත තොරතුරු හෙළිදරව් කර ඇති හෙයින් ඔහු පිළිබඳවද පරීක්ෂණ පවත්වා නීතිය ක්‍රියාත්මක කර යුතු බවද ඔහු පෙන්වා දෙනවා.

රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම දෙදෙනාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්ම කරන ලෙස ජාතික ජන බලවේගය රජයට බලකර සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.