2022 (2023) උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (04) නිකුත් වූ අතර දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන්ද මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව 2022 (2023) උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සමුදිත නයනප්‍රිය හිමිකරගෙන තිබෙනවා.
වාණිජ අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ දිල්සරණි තරුෂිකා සමත්ව ඇති අතර ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සුජාතා විද්‍යාලයේ ප්‍රමුදි භාෂණී මුණසිංහ සමත්ව ඇති බවයි සඳහන් වන්නේ.
භෞතික විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ ගෝනදූවගේ මනෙත් බනුල පෙරේරා විසින් දිනාගෙන තිබෙනවා.