Asia cup 2023: බංග්ලාදේශයට ලකුණු 89 ක ජයක්

asia-cup-2023-group-thumb

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 89 කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 5 ක් දැවී ලකුණු 334 ක් රැස් කිරීමට සමත් වුණා.

බංග්ලාදේශය වෙනුවෙන් ආරම්භක පිතිකරු මෙහෙදි හසන් මිරාස් හා නජ්මුල් හොසේන් ශන්ටෝ ශතක වාර්තා කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානයට පන්දුවාර 44.3 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 245 ක් පමණයි.

ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් ඊබ්‍රහීම් සඩ්‍රාන් ලකුණු 75 ක් හා හෂ්මතුල්ලාහ් ශහීඩි ලකුණු 51 ක් රැස් කළා.