සමනල වැව ජලාශයෙන් ජලය කාන්දුවන ස්ථාන වසා දැමීමේ කටයුුතු එළඹෙන සතිය තුළ ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
මේ අවස්ථාවේ කාන්දු වසා දැමීමට පියවර නොගතහොත් ඊට යළි අවස්ථාවක් උදා නොවනු ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජගත් ගුණතිලක මහතා ජලාශයේ නිරීක්ෂණයකට එක්වෙමින් සඳහන් කළේ.
මිලියන 10-15 අතර මුදලකින් මෙහි ජල කාන්දුවන ස්ථානය වසා දැමිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.