පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරෙයි හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළෙන් ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩි විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එසේම පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද පැයට කිලෝමේටර් 50-60 දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.