ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

weather-warning-1

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එසේම කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ඉංගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ රත්නපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට අදියර 2 යටතේ අවධානයෙන් සිටින ලෙස අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බවද සඳහන්.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නාගොඩ, ඇල්පිටිය කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, පාලින්දනුවර, වලල්ලාවිට, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, යටියන්තොට, දෙහිඕවිට, රුවන්වැල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, කිරිඇල්ල, අයගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට අදියර 1 යටතේ විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.