පවතින සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් සියලු පාර්ශව දැනුවත් කිරීමට GMOA තීරණය කෙරේ

chamil-gmoa

රට තුළ පවතින සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් සියලු පාර්ශව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද (04) සිට ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පවතින සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ, ආගමික නායකයින් සහ සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව දැනුවත් කිරීමට කටයුතු කරන බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.

පවතින සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් සමාජයට තුළ නිසි අවබෝධයක් ඇති කිරීම වෙනුවෙන් මෙම වැඩපිළිවෙල දිවයින පුරා ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.