ගෑස් මිල සංශෝධනයට අදාළ මිල ගණන් අද (04) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසනවා.
මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි එහි සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.
ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම සැලකිල්ලට ගැනීමේ දී මෙරට ගෑස් මිලෙහි ද සැලකිය යුතු වැඩි වීමක් මෙවර සිදුවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.