ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ 2023 ලොව ‘A-‘ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් 21දෙනා අතරට නම් කර තිබෙනවා.
1994 වසරේ සිට ක්‍රියාත්මක ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව විසින් සිදුකරන ලද වාර්ෂික සමීක්ෂණයට අනුව ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙලෙස ‘A-‘ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් අතරට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.
උද්ධමනය පාලනය, ආර්ථික වර්ධනය, මූල්‍ය ස්ථාවරත්වය හා පොලී අනුපාත කළමනාකරණය යනාදියේ සුවිශේෂී කාර්යය සාධනය සැලකිල්ලට ගනිමින් මෙලෙස ශ්‍රේණිගත කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.