එංගලන්තය පරදා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයක්

sl-women-team-win

එංගලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි විස්ස තරගය කඩුලු 8 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.
මෙය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විසින් එංගලන්තයට එරෙහිව වාර්තා කළ පළමු විස්සයි විස්ස තරගය ජයග්‍රහණය වනවා.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තයට පන්දුවාර 18 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 104 ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 13.2 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
නායිකා චමරි අතපත්තු පන්දු 31 කින් ලකුණු 55 ක් රැස් කළ අතර හර්ෂිතා සමරවික්‍රම ලකුණු 30 ක් ලබා ගත්තා.