බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාව ලබා ගත් ඩොලර් මිලියන 200 ක විනිමය හුවමාරු පහසුකමට අදාළ දෙවන වාරිකය ද ගෙවා ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව දෙවන වාරිකය වශයෙන් ඩොලර් මිලියන 100 ක් ගෙවා ඇති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
පසුගිය මාසයේ දී මෙම විනිමය හුවමාරු ණය පහසුකමෙහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 50ක් ශ්‍රී ලංකාව විසින් ගෙවීමට කටයුතු කර තිබුණා.
බංග්ලාදේශයෙන් ලබාගත් ණයේ දෙවන වාරිකයත් ගෙවයි
