වාණිජ බැංකු තවමත් පොලී අනුපාත අඩු කර නැහැ – ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය

asanka-ruwan-pothupitiya

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝගය අනුව මෙතෙක් කිසිදු වාණිජ බැංකුවක් සිය පොලී අනුපාත පහළ දමා නොමැති බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ ලේකම් අසංක රුවන් පොතුපිටිය පවසනවා.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ, පොලී අනුපාත පහළ දැමීමට අදාළ චක්‍රලේඛයන් ද ඇතැම් වාණිජ බැංකු වෙත ලැබී නොමැති බවට එම බැංකු විසින් ප්‍රකාශ කර ඇති බවයි.

ඊට මහ බැංකු අධිපතිවරයා වගකිව යුතු බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ ලේකම් අසංක රුවන් පොතුපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.